පසුගිය දෙසැම්බර් 1දා මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භ කෙරිණි. එහෙත් වර්ජනයට අභියෝග කරමින් මගීන්ගේ පහසුව උදෙසා ලංගම බස්රථ 6000ක් ධාවනයට එක්කෙරිණි. එයින් මිලියන 120ක පමණ ආදායමක් උපයන්නට ලංගමය සමත් වුවද කලහකාරී පිරිස් විසින් එල්ල කළ ගල් මුල් ප්‍රහාර හේතුවෙන් ලංගම බස් රථ රාශියක් හානියට පත්විය.
එදින අළුයම සිට ධාවනය වෙමින් තිබූ බස් රථ 135කට ගල් ප්‍රහාර එල්ල වී ලංගම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරැන් 23 දෙනකුට තුවාල සිදුව ඇති බවත් ගමන් ගත් මගීන් 8 දෙනකුට තුවාල සිදුව ඉන් අයෙක් බරපතළ තත්ත්වයේ පසුවන බවද වාර්තා විය. පෞද්ගලික බස් වර්ජනය පැවැති මොහොතේ අසීරැතාවයට පත්වන මගීන් වෙනුවෙන් අවදානමක් බාරගෙන සේවයට වාර්තා කළ ලංගම සේවක කණ්ඩායම් සමග මගීහුද කලහකාරී පිරිස්වල ගල් මුල් ප්‍රහාරයන්ට හසුවීම කනගාටුදායකය.
යාපනය සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබුණේ මැදවච්චිය, ඉකිරිගොල්ලෑව රඹෑව අතර ප්‍රදේශයකදීය. එහිදී ගල් පහරක් වැදී තුවාල ලබා තිබුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික බලමුළුවේ සෙබළෙකි. ඔහුගේ හිසට වැදුණු ගල් පහර හේතුවෙන් සිහිසුන්ව සිටියදී මිහින්තලය රෝහලට ඇතුළත් කළ අතර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරැකර යවා තිබේ. බරපතළ තත්ත්වයෙන් පසුවූ ඔහු ශල්‍යකර්මයකින් අනතුරැව දැඩි සත්කාර ඒකකයේ මේ මොහොතේද ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර එදින අළුයම කුලියාපිටිය සිට කුරැණෑගල දක්වා ධාවනය වූ බස් රථයකට කිතලව පූගල්ල ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයකින් බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවකු සහ ගුරැවරයකු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරිණි.
එමෙන්ම රත්මලාන සිට කොළඹ බලා ධාවනය වූ යාපනය ඩිපෝවට අයත් බස් රථයකට ගල්කිස්ස ටෙම්ප්ලර් පාර අසල මංසන්ධියේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබුණි. බස් රථයේ සේවකයන් පැවසුවේ නාඳුනන යතුරැපැදිකරැවන් දෙදෙනකු විසින් ගල් ප්‍රහාරය එල්ලකර පලාගිය බවය. ඒ අවස්ථාවේ බස් රථයේ මගීන් කිසිවෙක් නොසිටි බැවින් බස් රථයට හැර වෙනත් අලාභහානියක් සිදුවී නොමැත.
කල්මුණේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකට වරින්වර ප්‍රහාර තුනක් එල්ල වී තිබේ. පළමු ගල් ප්‍රහාරය කොළඹ නුවර පාරේ වරකාපොළ ප්‍රදේශයේදීද දෙවන ගල් මුල් ප්‍රහාරය රදාවඩුන්න ආසන්නයේදීත් තුන්වන ප්‍රහාරය යක්කල ප්‍රදේශයේදීත් එල්ල වී ඇත. තෙවන ප්‍රහාරයේදී රියදුරැ අසල වීදුරැව බිඳී යන ලෙස ගල් පහරක් වැදීමෙන් වීදුරැ කැබලි රියදුරැගේ ඇස්වල වැදීම නිසා බස්රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ආසන්නයේ තිබූ විදුලි කණුවක ගැටී බස් රිය අනතුරට පත්ව ඇත.
මේ අතර දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර අතර කොටසේදී බස් රථ දෙකකට සහ පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලයෙන් ගමන් ගත් සුඛෝපභෝගී බස් රථ 4කටද ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමට කඩාකප්පල්කාරී පිරිස් සමත්වූහ. එසේම පොලීසිය විසින් ලබාගන්නා ලද අධිකරණ නියෝගයද නොතකා මීගමුව හා කුරණ අතර ගල්කන්ද ප්‍රදේශයේදී පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිසක් නිසා එදින ධාවනය වන්නට නියමිතව තිබූ දුම්රිය රුසක් අවලංගු කෙරිණ. ඇතැම් ඒවා ප්‍රමාද වී ධාවනය කෙරිණ. එහිදී දුම්රියෙන් යාමට පැමිණි මගීන් රුසක් අන්ත අසරණ වූහ. දුම්රිය නැවැත්වීමට ත්‍රිරෝද රථ හිමියන්, බස් රථ රියදුරන් හා වෙනත් කුලීරථ රියදුරන්ද එක්ව සිටි අතර අවසානයේ ත්‍රිරෝද රථ සංගමයක පුද්ගලයන් 18 දෙනකු සමග ගම්පහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට පත්විය.
වර්ජන උණුසුම උත්සන්න වෙද්දී ගල්මුල් ප්‍රහාර, කලහකාරී සිදුවීම් හා රාජ්‍ය දේපොලවලට හානි පැමිණවීමේ සිදුවීම් රාශියක් ගල්කිස්ස, පානදුර, මාතර, මීගමුව, ගම්පහ, කුලියාපිටිය, යක්කල, බටලීය, වැලිමඩ, මහනුවර, අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, තංගල්ල සහ හලාවත ප්‍රදේශවලින් වාර්තා විය.
වයඹ ප්‍රදේශය ආශ්‍රිතව බස්රථවලට ප්‍රහාර 19ක් එල්ල වූ බවද කොළඹ ආශ්‍රිතව පහරදීම් 19ක් තිබූ බවද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රහාර 16ක් සහ ත්‍රිකුණාමලය හා කළුතර ප්‍රදේශවලින් සිදුවීම් 13 බැගින් වාර්තා වූ බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. රැහුණු ප්‍රදේශයෙන් සිදුවීම් 10ක් මහනුවර සහ උතුරැමැද ප්‍රදේශයෙන් සිදුවීම් 9 බැගින්ද ඌව ප්‍රදේශයේ සිදුවීම් 8ක් වශයෙන්ද යාපනය ප්‍රදේශයෙන් සිද්ධීන් 7ක් සබරගමුවෙන් සිද්ධි 4ක් හා නුවරඑළිය ප්‍රදේශයෙන් සිදුවීම් 2ක් වාර්තා වූ බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) රාජා ගුණතිලක මහතා කීවේය.
බස් රථ සඳහා වූ අලාභය තක්සේරැ කර නොතිබූ නමුත් රාජ්‍ය දේපලවලට හානිකළ පිරිසට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව රජය නිවේදනය කළේය. ඒ අනුව 50ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඉදිරි විමර්ශනවලදී පිරිස මීටත් ඉහළ යා හැකි බවද ගමනාගමන මණ්ඩලය හා පොලීසිය ප්‍රකාශ කරයි. මෙදින ප්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ සේවක පිරිස්වලට ප්‍රතිකාර සඳහා යන වියදම් ලංකා ගමනාගමන මණ්ඩලය දරන බවට ප්‍රකාශ කළ අතර එදින ජීවිත තර්ජන හා අවදානම නොතකා සේවයට එක්වූ ලංගම රියදුරැ හා කොන්දොස්තර මහත්වරැන්ට විශේෂ අවදානම් දීමනාවක් ගෙවන්නට කටයුතු කරන බවද සඳහන් වීම සතුටට කරැණකි.
පෞද්ගලික බස්රථ වර්ජනය දා සාමාන්‍ය ජන ජීවිතයද අඩාල කරමින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව බොහෝ චෝදනා එල්ලවූයේ පෞද්ගලික බස් රථ සංගම් වෙතය. ඒ හැර වර්ජනය පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහාය තිබූ බවද කියැවිණි.
මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා මෙසේ පවසයි.
අපේ බස් රථ සංවිධාන වුණේ එදා බස් ධාවනයෙන් ඉවත්වීම සඳහා පමණයි. එදා දවසේ ලංගම බස් රථ ධාවනය වීම ඉතාම හොඳයි. මේ වර්ජනයට දේශපාලනයක් හෝ බලපෑමක් නෑ. අපේ සංවිධානයේ කිසිම සාමාජිකයෙක් කඩාකප්පල්කාරී ක්‍රියාවකට සම්බන්ධ වුණේ නෑ. වගකීමෙන් ඒක කියන්නේ. ඒ නිසා ලංගම බස්රථවලට පහරදුන් සිදුවීම් සංගම්වලට අදාළ නෑ. වැඩවර්ජනය අතරතුර වැඩවර්ජනය කඩාකප්පල් කරන්න යම් පිරිසක් සූදානම් වුණාද කියලා දන්නෙ නෑ. පොලීසිය ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. නීති විරෝධී දේට සංගමය සම්බන්ධ වෙන්නේ නෑ. ගම්පහ බස් සංගමයක සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු වරදක් කරලා නොවෙයි. එම ස්ථානය නිරීක්ෂණය කරන්න ගිය විටයි. ඔහු එම විරෝධතාවය නවත්වන්න උපදෙස් දෙන්නයි ගිහින් තිබුණේ. වරදක් කළා නම් අහළ පහළ සී.සී.ටී.වී. කැමරා එහෙම ඇතිනෙ. ඒවා බලන්න පුළුවන්. මේ වගේ චෝදනා අපේ බස් සංගම්වලට එල්ල කරන්නේ ආණ්ඩුවට කඩේ යන ඊනියා බස් සංගමයක කෙනෙක්. අපේ සංගම්වල සාමාජිකයන්ට නීති විරෝධී වැඩ කරන්න කාලයක් නෑ.
කෙසේ කවුරැ කළත් ලංගම ජාතික සම්පතකි. එය අයිති පොදු මහජනතාවටය. හදිසි අවස්ථාවලදී පිහිටට ඉන්න ලංගමට පෞද්ගලික බස් වර්ජනය දා පහරදීම නම් තමාගේ කන තමා විසින්ම සපාකෑමකි.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර